brand logo
logo
 කාවන්තිස්ස හස්තියාට පින් අනුමෝදන් කිරීමේ සත්දින පින්කම

කාවන්තිස්ස හස්තියාට පින් අනුමෝදන් කිරීමේ සත්දින පින්කම

24 October 2026 | බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති-තඹුත්තේගම


අකාලයේ ජීවිතක්ෂයට පත් වූ කාවන්තිස්ස හස්තියාට සත්දින දානමය පිංකම එම සද්ධන්තයා අවසන් හුස්ම වාතලයට හෙලූ ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව ගම්මානයේ ඇතිනිවැටුණුගල රජමහා විහාරයේදී ඊයේ (23) සිට පැවැත්විය.


විසි තුන දින රාත්‍රී ධර්මදේශනාවක් පැවැත්වූ අතර 24 දා දහවල් භික්ෂූන් වහන්සේලා උදෙසා දානය පවත්වා මියගිය කාවන්තිස්ස හස්තියාට පින් අනුමෝදන් කෙරුණි.


සියඹලංගමුව ගම්මානයේයේ ජනතාව ස්වාමීන් වහන්සේලා දොලොස් නමක් වෙනුවෙන් දහවල් දානය පිළිගැන්වීමට නිර්මාංශ දානයක් පිළියෙල කර ගැනීම මෙහි ඇති විශේෂත්වයකි.


ශ්‍රී ලාන්කීය අනන්‍යතාවය ලොවට විරාජමාන කළ ගල්ගමුවෙ අභිමානය වූ අසනීප තත්ත්වයෙන් සිටි කාවන්තිස්ස හස්තියා සිය අවසන් සුසුම වා තලයට මුසුකලේ පසුගිය 16දා ය.


අවසන් හුස්ම හෙලූ හස්තියා පසුගියදා නික්ම ගියේ නැවත වන ගත සද්ධන්ත කුලේ පිරවිය නොහැකි කොටසක් ඉතිරි කරමින්ය.


මෙරට වනස්පතිය තුළ සිටි දැවැත්නම හස්තියකු වුවත් පසුගිය 27 වෙනිදා සියඹලන්ගමුව වෙල්යායේ අවසන් කටයුතු කෙරුණු මේ හස්තියා වෙනුවෙන් ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව ගම්මානයේ ජනතාව කාවන්තිස්ස හස්තියා අවසන් හුස්ම හෙලූ ස්ථානයට ආසන්නයේ පිහිටි ඇතිණි වැටුණුගල රජමහා විහාරස්ථානයේදී රාත්‍රී පූජ්‍ය බෝගස්හන්ධියේ සාසනාසිරි නායක ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාවක් පැවැත්විය.


අනතුරුව පසුදා දහවල් ඇතිනි වැටුණුගල විහාරස්ථානයේදී පූජ මානෑවෙ විමලරතන නායක හිමි පානන්ගේ වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංඝරත්නය 12 ස් නමක් වෙනුවෙන් නිර්මාංශ සංඝගත දක්ෂිණාවක් පැවැත්විය.


මේ සියලු කටයුතු වෙනුවෙන් කාවන්තිස්ස ඇතා අඹන්පොළ ප්‍රදේශයෙන් මාර්ගයේ මාරු වීමට උදව් උපකාර කල කුමාර සහභාගි වී සිටීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

 

More News..