ඉරාන නාවිකයින්ගේ මළසිරුරු රැගත් ගුවන් යානය පිටව යයි
13 March 2026
ඉරාන නාවිකයින්ගේ මළසිරුරු රැගත් ගුවන් යානය පිටව යයි
13 March 2026
ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ 'IRIS DENA' නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළ සිරුරු රැගත් ගුවන් යානය ඉරානය බලා පිටත්ව ගොස් තිබේ.
අද (13) රාත්‍රී 09.29ට මෙම ගුවන් යානය පිටත්ව ගිය බව සඳහන් වේ.
මෙරට ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේ මිය ගිය නාවිකයින්ගේ සිරුරු පිටත්කර යැවීම සිදුකෙරේ.
පසුගිය මාර්තු මස 04වනදා ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වූ අතර, එහි 180ක පමණ පිරිසක් සිට ඇතැයි අනාවරණය වුණි.
පසුව ඉන් මුදාගත් 35 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.
අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව පසුව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පැවසීය.

