brand logo
logo
 ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවේ කෙටුම්පත ක්‍රීඩා ඇමතිට

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවේ කෙටුම්පත ක්‍රීඩා ඇමතිට

28 July 2026


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාවේ කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදී ඇති බව වාර්තා වේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් මෙම නව ව්‍යවස්ථාවේ කෙටුම්පත අමාත්‍යවරයා වෙත භාරදී තිබේ.


නව ව්‍යවස්ථාව යටතේ ඡන්ද භාවිතාකළ හැකි සංඛ්‍යාව 39ක් දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව සඳහන් වේ.


ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන ක්‍රීඩා සංගම් සඳහා ඡන්ද හිමිකම් ලබාදීම සම්බන්ධයෙන් ද නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට මෙමඟින් යෝජනා කර තිබේ.


එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයින් සංඛ්‍යාව 20ක් වන අතර, එය 14 දක්වා අඩු කිරීමට යෝජනා වී ඇති බව ද සඳහන් වේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න සඳහන් කළේ, කෙටුම්පත් කර ඇති මෙම නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් දියුණු කිරීමට හැකිවනු ඇති බවයි.

 

More News..