මධ්‍යම අධිවේගී පාරට සම්බන්ධ වන පාරවල් හදන්න බිලියන 104.9 ක්
25 August 2026
මධ්‍යම අධිවේගී පාරට සම්බන්ධ වන පාරවල් හදන්න බිලියන 104.9 ක්
25 August 2026
මධ්‍යම අධිවේගී මාර්ගයේ I, III සහ IV කොටස් සඳහා සම්බන්ධක මාර්ග සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කොටස් හතරකින් නිම කිරීමට නියමිත අතර, එම මාර්ගය බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පවතින මාර්ග ජාලය සමඟ සම්බන්ධ කිරීම සඳහා සම්බන්ධක මාර්ග සංවර්ධනය කිරීමට යෝජනා කරනු ලැබ තිබේ. එමඟින්, මාර්ග ජාල අතර කාර්යක්ෂම සම්බන්ධතාව, ප්‍රවේශ්‍යතාව සහ රථවාහන ප්‍රවාහය වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.
ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ගයේ I කොටස සඳහා කිලෝ මීටර 117.68 ක දිගකින් යුත් සම්බන්ධක මාර්ග 12ක්, මධ්‍යම අධිවේගී මාර්ගයේ III කොටස සඳහා කිලෝ මීටර 83.98 ක දිගකින් යුත් සම්බන්ධක මාර්ග 14ක්, මධ්‍යම අධිවේගී මාර්ගයේ IV කොටස සඳහා කිලෝමීටර 81.36ක දිගකින් යුත් සම්බන්ධක මාර්ග 09 ක් සංවර්ධනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ සඳහා වන තාවකාලික මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් බිලියන 104.9 ක් වේ.
ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ගයේ I, III සහ IV කොටස් සඳහා සම්බන්ධක මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය 2026-2030 කාලසීමාව තුළදී ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

