අමාත්‍ය නලින්ද ජපානයේ නිපොන් සභාපති හමුවෙයි
21 May 2026
අමාත්‍ය නලින්ද ජපානයේ නිපොන් සභාපති හමුවෙයි
21 May 2026
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගී වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජපානයේ නිපෝන් පදනමේ (The Nippon Foundation) සභාපති යෝහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා හමුවී විශේෂ ද්වි පාර්ශවීය සාකච්ඡාවක නිරත විය.
නිපොන් පදනම විසින් අරමුදල් යොදවා මෙරට ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති පිළිබඳවත්, රෝහල් සංවර්ධන ව්‍යාපෘති කෙරෙහිත් විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආබාධිත ප්‍රජාවගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා දායක වීම සහ මෙරට සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවයක් වන ග්‍රාමීය දරිද්‍රතාවයට පිළියම් යෙදීම අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
නිපෝන් පදනම (The Nippon Foundation) යනු සමාජ සුබසාධනය, ගෝලීය සාගර සංරක්ෂණය සහ මානුෂීය ආධාර වෙනුවෙන් ක්‍රියාකරන ජපානයේ පිහිටි ලොව ප්‍රමුඛතම පෞද්ගලික පදනමකි.
ලාදුරු රෝගය තුරන් කිරීම, ආබාධිත ප්‍රජාවට සහය වීම, ගෝලීය අධ්‍යාපන සහ කෘෂිකාර්මික ව්‍යාපෘති ආදී මානුෂීය සහ සමාජ සුබසාධන සේවා නිපෝන් පදනම විසින් ක්‍රියාවට නංවනු ලබයි.

