තායි නි. අගමැති රාජ්ය තාන්ත්රික පිළිගැනීමක් ලබානොදීමෙන්ම පිළිබද එජාපයෙන් නිවේදනයක්
19 October 2026
තායි නි. අගමැති රාජ්ය තාන්ත්රික පිළිගැනීමක් ලබානොදීමෙන්ම පිළිබද එජාපයෙන් නිවේදනයක්
19 October 2026
තායිලන්තයේ නියෝජ්ය අගමැතිනි සුපජී සුතුම්පුන් (Suphajee Suthumpun) මහත්මියගේ ශ්රී ලංකා සංචාරයේදී ඇයට කිසිඳු රාජ්ය තාන්ත්රික පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් ලබා නොදීම මගින් මාලිමා රජයේ අපරිණත විදේශ පිළිවෙත යළිත් තහවුරු කර ඇති බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
මිහින්තලය මිහිඳු මහ සෑ රදුන්ගේ කොත් වහන්සේ නිරාවරණ පූජෝත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූයේ තායිලන්තයේ නියෝජ්ය අගමැතිනිය ලෙස බවත්, මෙම පූජෝත්සවය මෙරට බුද්ධ ශාසනයේ ඉතා වැදගත් උත්සව අවස්ථාවක් ලෙස සැලකෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
නිල වශයෙන් හෝ නොනිල වශයෙන් මෙරටට පැමිණෙන විදේශීය නායකයින්ට රාජ්ය තාන්ත්රික පිළිගැනීම සහ ආරක්ෂාව ලබාදීම සාම්ප්රදායිකව සිදු කෙරෙන්නකි.
එම සම්ප්රදාය සුරකිමින්, මීට පෙර බලයේ නොසිටි මහා බ්රිතාන්යයේ හිටපු අග්රාමාත්ය ඩේවිඩ් කැමරන් මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවේදී පවා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට එවකට පැවැති රජය පියවර ගත් බව ද එජාපය පෙන්වා දෙයි.
තායිලන්තය යනු අනාධිමත් කාලයක සිට ශ්රී ලංකාව සමග සමීපව කටයුතු කරන මිත්රශීලී රටකි.
තායිලන්තයේ සිට කොත් කැරැල්ල සහ චූඩ මාණික්ය වැඩමවීමට පියවර ගත් එරට නියෝජ්ය අගමැතිනියට මෙලෙස 'කුඩම්මාගේ සැලකිල්ලක්' දැක්වූයේ මන්දැයි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්යවරයා වහාම රටට හෙළි කළ යුතු බව ද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ

