brand logo
logo
පොලීසියෙන් අල්ලපු මත් ජාවාරම්කරුට කූඩුවේ ඉද්දිම අයිස් ඉල්ලා ඇමතුම් 76ක් ඇවිත්

පොලීසියෙන් අල්ලපු මත් ජාවාරම්කරුට කූඩුවේ ඉද්දිම අයිස් ඉල්ලා ඇමතුම් 76ක් ඇවිත්

12 July 2026



පොලීසියෙන් අල්ලපු මත් ජාවාරම්කරුට කූඩුවේ ඉද්දිම අයිස් ඉල්ලා ඇමතුම් 76ක් ඇවිත්



කන්දකුලිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති පොලිස් ක්ෂණික විහිඳුම් බළකා ඒකකය මඟින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


ඊයේ (11) අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම ඒකකය භාරයේ සිටියදී අයිස් ලබා ගැනීමට දුරකථන ඇමතුම් 76ක් ලැබී ඇති බව පොලීසිය පවසයි. 


මෙම සැකකරු කන්දකුලිය රෙඩ්බානාවල පදිංචිකරුවෙකු බවත් කල්පිටිය ඇතුළු ප්‍රදේශ රැසකට යතුරුපැදියේ ගමන් කරමින් අයිස් අලෙවි කිරීමේ ප්‍රධාන ජාවාරම්කරුවෙකු බව කියයි.


අදාළ ජාවාරම්කරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත පුත්තලම පොලිස් ක්ෂණික විහිඳුම් බළකා ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු සන්තකයේ තිබි රුපියල් ලක්ෂයකට අධික අයිස් තොගයක් තිබුණි.


සැකකරු ධීවරයින් ඇතුළු අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන්ට අයිස් බේදාහැරීම සිදුකර ඇති බව මේ වන විට විමර්ශනවලදි තහවුරු වී ඇත.


මේ අතර, පොලීසිය සිදුකළ විමර්ශනවලදි තහවුරු වී ඇත්තේ මෙම ජාවාරම්කරු අවස්ථා කිපයකදී අයිස් හා අනිකුත් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව ඇති අයෙකු බවය.


අත්අඩංගුවට ගත් සැකකරු කල්පිටිය පොලීසියට භාරදී ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.ළ නංවා තිබේ.

 

More News..