brand logo
logo
අයහපත් කාලගුණයට මුහුණ දීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සූදානම්

අයහපත් කාලගුණයට මුහුණ දීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සූදානම්

14 May 2026

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටින බව එහි මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා පවසයි.


අධික වර්ෂාව නිසා අවතැන් වන පිරිස් මුදාගැනීම හෝ වෙනත් ආපදා තත්ත්වයන් පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) දැනුම් දුන් සැණින් ක්ෂණිකව ක්‍රියාත්මක වීමට ගුවන් හමුදාව කටයුතු යොදා ඇත.


මේ වෙනුවෙන් 212 සහ 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා මේ වන විටත් සූදානම් කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..