brand logo
logo
IPL අවසන් මහා තරගය අද

IPL අවසන් මහා තරගය අද

26 May 2024

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.


ඒ, ප්‍රබල සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගයි.


සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය පැට් කමින්ස් විසින් දරනු ලබනු අතර, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය ශ්‍රෙයාස් අයියර් විසින් දරනු ලබයි.


ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට චෙන්නායි හි එම්.ඒ. චිතදම්බරම් ක්‍රීඩාපිටියේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

 

More News..