පළමු දිනයේදීම මණ්ඩලය මිලියන 3ක වී මිලට අරන්
15 July 2026 | •සාලිය කුමාර ගුණසේකර
පළමු දිනයේදීම මණ්ඩලය මිලියන 3ක වී මිලට අරන්
15 July 2026 | •සාලිය කුමාර ගුණසේකර
වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම ආරම්භ කරන ලද ඉකුත් 13 වැනිදා වී කිලෝ 25,450ක් මණ්ඩලයට ලැබී තිබූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය. මේ අනුව, පළමු දිනයේදී රුපියල් මිලියන තුනක වී මෙලෙස මිලදී ගෙන තිබූ බවද ඔහු කීවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. වී අලෙවි මණ්ඩලය විසින් ගොවියකුගෙන් මිලදී ගන්නා උපරිම වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 2,500ක් බවද ඇමැතිවරයා පැවැසීය.
වී මිලදී ගැනීමට අදාළව වී අලෙවි මණ්ඩලයේ ගබඩා පෙරේදා (13 වැනිදා) විවෘත කළ බවත්, ක්‍රමානුකූලව වී ගබඩා විවෘත කිරීමට කටයුතු කරන බවත්, වී ගබඩා 148කදී වී මිලදී ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසුවේය.
මෙවර යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් 39,500 ක් මිලදී ගැනීමට රජය බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.
වී අලෙවි මණ්ඩලයේ ගබඩා ප්‍රමාණවත් නොවුනහොත් රජය මැදිහත්ව පෞද්ගලික අංශයේ ගබඩා කිරීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවැසීය.

