ලෝක තෙල් මිල ඉහළට
01 March 2026
ලෝක තෙල් මිල ඉහළට
01 March 2026
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා යුදමය තත්ත්වයක් නිර්මාණය වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ.
විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල 10% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, මේ වන විට එහි බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80 සීමාවට පැමිණ ඇත.
පවතින ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත්, බොරතෙල් බැරලයක මිල නොබෝ දිනකින්ම අමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බව පැවසේ.
විශේෂයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති බව සඳහන් වේ.

