ඇමරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහළට
21 March 2026
ඇමරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහළට
21 March 2026
ඇමරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටී තිබේ.
ඒ මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟය.
ඇමරිකානු වේලාවෙන් ඊයේ (20) එරට කොටස් වෙළඳපොළ වසා දමන විට ප්‍රධාන දර්ශක 03ම පහත වැටී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව Dow Jones කාර්මික දර්ශකය 1%කින්ද, S&P 500 දර්ශකය 1.5%කින්ද, Nasdaq දර්ශකය 2%කින්ද මෙලෙස පහත වැටී තිබෙන බවය.
මෙම සතිය තුළ එරට කොටස් වෙළෙඳපොළ සිව්වන වරට පහත වැටී තිබේ.

