දුම්රිය වර්ජනය ඇරඹෙයි
17 September 2026
දුම්රිය වර්ජනය ඇරඹෙයි
17 September 2026
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති විසින් මේ වන විට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
ඊයේ (16) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48ක වැඩවර්ජනයක් මෙලෙස ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මේ වන විට ක්‍රියාත්මක දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසා සිටියේ,
"අපේ වර්ජනය ආරම්භ කිරීමට පෙර සාමාන්‍ය සම්ප්‍රදාය මත ඊයේ දුම්රිය ගණනාවක් අවලංගු වෙලා, මගීන් වැඩවර්ජනයට කලින්ම අපහසුතාවයට පත්වෙලා. මෙවැනි කාරණා නිසා තමයි අපි මේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන්න කියන්නේ. අද දිනේ මේ වෙද්දිත් දුම්රිය සාමාන්‍යාධිකාරි සහ විධායක නිලධාරීන් දඟලන්නේ දුම්රිය ධාවනය කරන්න. නමුත් දුම්රිය ආදායම, මගීන්ට අවශ්‍ය පහසුකම් සපයන්න කිසිදු වැඩපිළිවෙලක් සකස් කරලා නෑ. දුම්රිය ස්ථානාධිපතිවරු බහුතරයක් වැඩවර්ජනයට සහභාගී වෙලා තියෙනවා. රජයට හිතවාදී ස්ථානාධිපතිවරු කිහිපදෙනෙක් මේ වැඩවර්ජනය කඩාකප්පල් කරමින්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නැවත තබාගැනීමට අවශ්‍ය කටයුතු සලසනවා. අපි විශ්මිත වෙනවා. මේක දේශපාලන අරමුණකින් නෙමෙයි දෙපාර්තමේන්තුව ගොඩගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වුණ වෘත්තීය සටනක්."යනුවෙනි.
දුම්රිය වර්ජනය ආරම්භ කිරීමට පෙර ඊයේ (16) පස්වරුවේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.
මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මගීන් පීඩාවට පත් වූ අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළේය.

