හැටන් මානික්කාවත්තේ ගින්නකින් වතු නිවාස 3 කට හානි
26 October 2026 | සිතාර ඉරාෂ් - වටවල
හැටන් මානික්කාවත්තේ ගින්නකින් වතු නිවාස 3 කට හානි
26 October 2026 | සිතාර ඉරාෂ් - වටවල
හැටන් දික්ඔය මානික්කාවත්තේ වතු නිවාස පේළියක අද (26) දින පස්වරුවේ හටගත් ගින්නකින් වතු නිවාස 3ක් ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
වතු නිවාස 12කින් සමන්විත එම නිවාස පෙළියේ එක් නිවසකින් හටගත් ගින්න පැතිර යමින් තිබියදී පැවති දැඩි වර්ෂාවත් සමග එම ගින්න දැඩි පරිශ්රමයක් දරා පාලනය කිරිමට වතු කම්කරුවන් සමත් වී ඇත.
ගින්නෙන් එම නිවාස තුනේ පදිංචිව සිටි වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිර ආදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරේ.
ගින්න පිළිබද වැඩිදුර විමර්ෂණ හැටන් පොලිසිය විසින් සිදු කරයි.

