brand logo
logo
නුවරඑළියට තද වැසි

නුවරඑළියට තද වැසි

05 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


නුවරඑළිය ප්‍රදේශයට අද(05) දින උදෑසන පැයක පමණ කාලයක් ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම්වල ජලයෙන් යට විය.


ගිගුරුම් සහ අකුණු සහිතව ඇදහැළුණු මෙම තද වැසි නුවරඑළිය නගරයට පමණක්නොව අවට ග්‍රාමීය ප්‍රදේශවලට ද පතිත වීම හේතුවෙන් එළවලු ගොවීන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි පීඩාවට පත් වූහ.


තද වැසි හේතුවෙන් නුවරඑළිය නගර මධ්‍යයේ ගමනා ගමනයටද බාධා එල්ල විය.

 

More News..