WIM - ව්‍යාපාර හා නායකත්ව රාත්‍රිය 2026
13 October 2026
WIM - ව්‍යාපාර හා නායකත්ව රාත්‍රිය 2026
13 October 2026
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අනාගතය හැඩගස්වන බලවේග තුනක් එකම වේදිකාවකට
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අනාගතය හැඩගස්වන ප්‍රධාන බලවේග තුනක් වන කාන්තා ව්‍යවසායකත්වය, වගකීම් සහගත හා ගෞරවාන්විත සේවා ස්ථාන සහ නව පරපුරේ නායකත්වය, 2026 දෙසැම්බර් 9 වන දින ප්‍රධාන වේදිකාවට පැමිණීමට නියමිතය.
Women in Management Global (WIM) විසින් සංවිධානය කරනු ලබන WIM - The Bsiness & Leadership Night 2026 2026 තුළින් WIM හි ප්‍රමුඛ වේදිකා තුනක් එකම සුවිශේෂී අවස්ථාවකට එක් කෙරේ.
මෙම සුවිශේෂී රාත්‍රිය තුළ Women MSME Awards 2026, Respectful Workplace Audit & Certification සහ NextTier Mentorship & Awards 2026 යන වැඩසටහන් තුන එකම වේදිකාවකට එක් කරමින්, විශිෂ්ටත්වය ඇගයීමටත්, වඩාත් යහපත් සේවා ස්ථාන ප්‍රවර්ධනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අනාගතය හැඩගස්වන ව්‍යවසායන් සහ නායකයන් හඳුනාගැනීමටත් කටයුතු කෙරේ.
“අද ලෝකය තරග කරන්නේ ප්‍රමාණය මත පමණක් නොවේ. එය වටිනාකම, නවෝත්පාදනය, ගුණාත්මකභාවය, දක්ෂතාව සහ දේශසීමාවලින් ඔබ්බට සිතීමේ හැකියාව මත තරග කරයි. ශ්‍රී ලංකාවද වඩාත් ඉහළ අභිලාෂයකින් ඉදිරියට යා යුතු අතර, ගෝලීය ආර්ථිකයේ හුදෙක් සහභාගිවන්නෙකු ලෙස නොව, එහි බලපෑමක් ඇති කළ හැකි ජාතියක් ලෙස අපව දැකිය යුතුය.
ලෝකය සමඟ තරග කිරීමට අවශ්‍ය දක්ෂතාව, ඔරොත්තු දීමේ හැකියාව, නිර්මාණශීලීත්වය සහ සම්පත් අප සතුව ඇත. අපට අවශ්‍ය වන්නේ වඩා විශාල ලෙස සිතීමට ධෛර්යය, අපගේ ජනතාව වෙනුවෙන් ආයෝජනය කිරීම, තාක්ෂණය වැළඳගැනීම, අපගේ ව්‍යාපාර ශක්තිමත් කිරීම සහ අපගේ ජාතික ශක්තීන් ගෝලීය අවස්ථා බවට පත් කිරීමයි. ශ්‍රී ලංකාව තරග කිරීමටත්, නායකත්වය දීමටත්, ලෝකයේ තම සලකුණ තැබීමටත් සූදානම් විය යුතුය - අපට කිසිසේත්ම පසුබෑමට ඉඩක් නැත,” යනුවෙන් Women in Management (ශ්‍රී ලංකාව, මාලදිවයින, කැනඩාව, එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මැලේසියාව) හි නිර්මාතෘ/සභාපතිනි ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය පැවසුවාය.
කාන්තා ව්‍යවසායකයින්ගේ විශිෂ්ටත්වයට අවධානය සාර්ථක ආරම්භයකින් අනතුරුව දෙවන වරටත් පැවැත්වෙන Women MSME Awards 2026 මගින් රැකියා අවස්ථා නිර්මාණය කිරීම, ආර්ථික වටිනාකම එක් කිරීම, නවෝත්පාදනය සහ සමාජ බලපෑම වෙනුවෙන් දායක වන කාන්තා ව්‍යවසායකයින් කාණ්ඩ 10ක් යටතේ ඇගයීමට ලක් කෙරේ.
නාම යෝජනා 2026 සැප්තැම්බර් 20 සිට ඔක්තෝබර් 20 දක්වා www.womeninmanagementawards.org ඔස්සේ භාරගනු ලැබේ.
ගෞරවාන්විත සේවා ස්ථාන සඳහා නව ප්‍රමිතියක් Respectful Workplace Audit & Certification වැඩසටහන මගින් ආයතන, International Finance Corporation (IFC) Respectful Workplace Guidelines අනුව ඇගයීමට ලක් කෙරේ. සුදුසුකම් සපුරන ආයතන සඳහා TLM UK සමඟ හවුල්කාරීත්වයෙන් WIM අනුමත කිරීම සහ සහතිකකරණය ලබා දෙනු ඇත. අයදුම්පත් 2026 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන අතර, www.wimglobalevents.com ඔස්සේ අයදුම් කළ හැකිය වාර්ෂිකව ආයතන 15ක් සඳහා පමණක් සහතිකකරණය සීමා කර ඇත.
සෑම සහතිකයකටම අනන්‍ය QR කේතයක් ඇතුළත් වන අතර, එමඟින් සේවකයින්ට, ගනුදෙනුකරුවන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට TIM UL Awarding වෙබ් අඩවිය හරහා සහතිකයේ සත්‍යතාව ස්වාධීනව තහවුරු කරගත හැකිය.
අඛණ්ඩව දෙවන වසරටත් පැවැත්වෙන NextTier Mentorship & Awards 2026 වැඩසටහන සඳහා සහභාගිවන්නන් 35 දෙනෙකු තෝරා ගනු ලබන අතර, ඔවුන්ට දේශීය ජාත්‍යන්තර WIM Global උපදේශකයින් 12 දෙනෙකුගේ අත්දැකීම් සහ දෘෂ්ටිකෝණ සමඟ ඍජුව සම්බන්ධ වීමට අවස්ථාව හිමිවේ.
ව්‍යූහගත උපදේශන ක්‍රියාවලියක් හරහා, ඉදිරි නායකත්ව වගකීම් සඳහා සහභාගිවන්නන් සූදානම් කිරීම මෙහි අරමුණ වේ.
WIM Leadership Awards Night තුළින් තම ආයතනවල සීමාවෙන් ඔබ්බට බලපෑමක් ඇති කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, කර්මාන්ත සහ සමාජය සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දෙන විශිෂ්ට ව්‍යාපාරික නායකයින් තිදෙනෙකුද ඇගයීමට ලක් කෙරේ.
ජාත්‍යන්තර අත්දැකීම් - දේශීය බලපෑම මෙම අවස්ථාවට ජාතන්තර මානයක් එක්කරමින් ඩීනා තිසේරා මහත්මිය සහභාගි වේ. ඇය ඇබර්ඩීන් සිටි කවුන්සිල් Aberdeen City Council ys Hilton, Woodside & Stockethill සඳහා Labour Councillor, Aberdeen Central Constituency Labour Party හි උප සභාපතිනි, එක්සත් රාජධානියේ Rt Hon Gordon Brownf.a Our Scottish Future හි උපදේශිකාවක් සහ හිටපු WIM Top50 Award Winner - UK වේ. ඇය සමඟ ලුෂානි කොඩිතුවක්කු මහත්මියද එක්වන අතර, ඇය එක්සත් රාජධානියේ Commercial Due Diligence Expert සහ WIM Top50 Award Winner - UK 2025 නියෝජනය කරයි .
අත්දැකීම් සහිත ව්‍යාපාරික හා නායකත්ව වෘත්තිකයන්ගේ මඟපෙන්වීම මෙම ප්‍රධාන වේදිකා තුන අත්දැකීම් සහිත ව්‍යාපාරික හා නායකත්ව වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලැබේ. ආචාර්ය නිර්මාල් ද සිල්වා, සමූහ අධ්‍යක්ෂක RNH Ventures, Respectful Workplace Audit & Certification හි සභාපති ලෙසත්, ආචාර්ය රොහාන්ත අතුකෝරල උප සභාපති – Asia Pacific, World Rural Tourism Council, NextTier Mentorship & Awards සභාපති ලෙසත්, ප්‍රශාන්ත මහදේවන් අධ්‍යක්ෂක Dazzle (Pvt) Ltd, Women MSME Awards 2026 සභාපති ලෙසත්, ෆසීලා ධර්මරත්න මහත්මිය WIM Leadership Night උලෙළේ ප්‍රධානී (Event Chair) ලෙස කටයුතු කරන අතර සම්මාන අංශයේ ප්‍රධානී (Awards Chair) ලෙස Respectful Workplace Awards සඳහා ඇන්ජලී ගුණතිලක NextTier Leadership Awards සඳහා අරුන්නියා විමලේන්ද්‍රන් සහ Women MSME Awards සඳහා ඩිල්ෂා රුවන්පතිරණ කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අනාගතය සඳහා එකම වේදිකාවක් ව්‍යවසායකත්වය, සේවා ස්ථාන වගකීම, උපදේශනය සහ නායකත්වය එකම වේදිකාවකට ගෙන එන WIM — The Business & Leadership Night 2026 සම්මාන හා ඇගයීම්වලින් ඔබ්බට ගොස්, අද වෙනසක් ඇති කරන පුද්ගලයින් සහ ව්‍යාපාර සමරනු ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අනාගත පරපුර හැඩගස්වන මිනිසුන්, අදහස් සහ වඩාත් උසස් ව්‍යාපාරික හා සේවා ස්ථාන ප්‍රමිතීන් සඳහා ආයෝජනය කිරීම දිරිගන්වමින්, රටේ ඉදිරි ව්‍යාපාරික ගමන සඳහා නව දැක්මක් ඉදිරිපත් කරනු ඇත.

