හිටපු අගමැති ඉම්රාන් ඛාන් දැඩි සෞඛ්‍ය අවදානමක - වහාම රෝහල්ගත කරන්නැයි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලයි
12 November 2026
හිටපු අගමැති ඉම්රාන් ඛාන් දැඩි සෞඛ්‍ය අවදානමක - වහාම රෝහල්ගත කරන්නැයි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලයි
12 November 2026
පාකිස්තාන PTI පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත කඩිනමින් සුදුසු වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණ හොත් ඔහුට සෞඛ්‍ය අවදානමක් ඇති බවට ඔහුගේ නීතිඥයින් සිදුකරන ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, ඉම්රාන් ඛාන්ගේ මොළයට රුධිරය වහනයවීමකට හෝ හෘදයාබාධයකට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බවට ඔහුගේ ප්‍රධාන නීතිඥ සල්මාන් සෆ්දාර් සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.
අධිකරණයෙන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥයා පවසා ඇත්තේ, තමන් මෑතකදී බන්ධනාගාරය වෙත ගොස් ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බීබී හමුවූ බවත්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණය දැනුවත් කළ බවත්ය.
එහිදී සැකකරුවන් දෙදෙනාම වහාම රෝහල්ගත කරන ලෙසත්, ඔවුන්ව පරික්ෂා කිරීම සඳහා ස්වාධීන වෛද්‍ය මණ්ඩලයක් පත්කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටි බව ඔහු සඳහන් කර ඇත.
මේ අතර, බුෂ්රා බීබීගේ පෙනීම දුර්වල වෙමින් පැවතීම පිළිබඳව ද නීතිඥවරයා සිය කනස්සල්ල පළ කර ඇත.


