brand logo
logo
වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

25 July 2026


නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ධනුෂ්කොඩි වෙත පැමිණි ශ්‍රී ලාංකික දෙදෙනෙකු ඉන්දීය වෙරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 30 සහ 31 යන වයස් කාණ්ඩවල පසුවන අය බව සඳහන්ය. 


පසුගිය බ්‍රහස්පතින්දා දින වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට මොවුන් සම්බන්ධදැයි පොලිසිය සැක පළ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 


එමෙන්ම මොවුන් දෙදෙනාට එරෙහි ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් ද ගොනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි. 

 

More News..