සමිට්පුර චතූගෙන් තොරතුරු රැසක් අනාවරණය වෙයි
20 August 2026
සමිට්පුර චතූගෙන් තොරතුරු රැසක් අනාවරණය වෙයි
20 August 2026
පසුගිය 18 වැනිදා ඕමානයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ 'සමිට්පුර චතූ' නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඒ අනුව විදේශ රටක සිට මෙරටට රැගෙන එන ලද විදේශීය නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් සහ සජීව පතරොම් 12ක් මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇත.
පසුගිය ද සමිට්පුර චතූ නැමැත්තා දිවයිනට රැගෙන ඒමෙන් පසුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය ( CCD) වෙත භාරදෙනු ලැබීය.
කොළඹ 15, මෝදර, සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි දිමුතු චතුරංග පෙරේරා, 2025 වසරේදී මාර්තු 22වැනිදා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඕමානය වෙත පලාගොස් තිබුණි.
ඔහු ගණේමුල්ල සංජීව ඝාතනයේ එක් සැකකරුවෙකුද වන අතර මෙරට තුළ සිදුකළ අපරාධ රැසක විමර්ශන කටයුතු සඳහා අත්‍යාවශ්‍යව සිටි පුද්ගයෙකු ලෙස සැලකේ.

