ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
30 October 2026
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
30 October 2026
ඌව පළාත සහ අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්රික්ක සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (30) පෙ.ව. 11.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය ප.ව. 11.30 දක්වා වලංගු වෙයි.
ඒ අනුව, ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

