අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට
03 September 2026
අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට
03 September 2026
2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 618,352 දෙනෙකුට වැඩිහිටි දීමනා රු. 3,091,760,000ක මුදලක් ගෙවීමට නියමිතය.
මේ අතර, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 78,260 දෙනෙකුට වැඩිහිටි දීමනා රු. 391,300,000ක මුදලක් ද අද දිනය තුළ අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය.
අදාළ ප්‍රතිලාභීන්ට තම ප්‍රතිලාභී මුදල් අද දින සිට අස්වැසුම බැංකු ගිණුම් මඟින් ලබාගත හැකිය.

