වටවල දුම්රිය ස්ථාන මාර්ගය කාපට් කර ප්රතිසංස්කරණය ඇරඹෙයි
27 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
වටවල දුම්රිය ස්ථාන මාර්ගය කාපට් කර ප්රතිසංස්කරණය ඇරඹෙයි
27 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
දිට්වා සුලි කුණාටුවෙන් විනාශ වූ වටවල දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගය කාපට් අතුරා ප්රතිසංස්කරණය කිරිමේ කටයුතු නුවරඑළිය දිස්ත්රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීරආරච්චි අතින් අද (27) දින ආරම්භ කෙරිණ.
හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ දියගල සිට වටවල දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 1.85ක් කාපට් අතුරා ප්රතිසංස්කරණය කරන අතර, මේ සදහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රු.මිලියන 218ක ප්රතිපාදන ලබා දී ඇත.
වටවල දුම්රිය ස්ථානය පිවිසෙන මාර්ගයට කාපට් අතුරා ප්රතිසංස්කරණය කිරිමේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්රික් මහාමාර්ග කාර්යාලයේ ප්රධාන ඉංජිනේරු සම්පත් සමරනායක, නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉංජිනේරු එම්.සාධික් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.

