brand logo
logo
  තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම හෙටින් අවසන්

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම හෙටින් අවසන්

16 March 2025



2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සුදුසුකම්ලත් අයදුම්කරුවන් වෙතින් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම හෙට (17) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිතව තිබේ.


මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ දිනය යළි දීර්ඝ නොකරන බවය.


ඒ අනුව මේ දක්වා අයදුම් නොකළ සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ සම්පූර්ණ කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත්‍ර තැපෑලට භාර දීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිසම උපදෙස් ලබාදී තිබේ.


එම අයදුම්පත්‍ර හෙට මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ස්වකීය ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාරදෙන ලෙසද එම කොමිසම වැඩිදුරටත් සදහන් කරයි

 

More News..