brand logo
logo
අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට

අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට

14 December 2025

Ritz Carlton ජාලයට අයත් අති සුඛෝපභෝගී නෞකාවක් මගින් 400ක් රැගෙන අද (14) කොළඹ වරායේ මගී නෞකා අංගනයට පැමිණ තිබේ. 


ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යම්කිසි අභියෝගයකට මුහුණ දී තිබුණු පසුබිමක මෙවැනි විශාල මගී නෞකාවක් මෙරටට පැමිණීම සංචාර කර්මාන්තයට මහත් පිටිවහලක් බව මෙහිදී අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසුවේය.


මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


දින දෙකක් පුරා මෙම නෞකාව ශ්‍රී ලංකාවේ නැංගුරම්ලා තිබෙන අතර හෙට දිනයේදී ගාල්ලට පැමිණීමට නියමිතය.


මෙහිදී නෞකාවේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතා බහක නිරත වූ අමාත්‍යවරයා නෞකාවේ නිරීක්ෂණයකට ද එක්විය. 

එහිදී සමරු පලක හුවමාරු කිරීමක්ද සිදු කෙරිණි.


 

More News..