අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
17 August 2026
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
17 August 2026
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන 19 වැනිදා ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලබන පවුල් 999,502ක් සඳහා රුපියල් නව බිලියන දෙසිය හතළිස් එක් මිලියන අටසිය අනූ දෙදහස් පන්සියයක මුදලක් බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
එමෙන්ම, එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 212,955ක් සඳහා රුපියල් බිලියන දෙකයි මිලියන තුන්සිය විසි එකයි හත්සිය තිස් පන්දහසක මුදලක් ගෙවීමට සැලසුම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

