පාකිස්තාන වැසියන්ගේ කුසගින්න වැඩිවෙයි
12 March 2026
පාකිස්තාන වැසියන්ගේ කුසගින්න වැඩිවෙයි
12 March 2026
Global Hunger දර්ශකයට අනුව රටවල් 123ක් අතුරින් පාකිස්තානය 106 වන ස්ථානයට පත්වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ තුළින් පාකිස්තානයේ පවතින්න බරපතළ කුසගිනි මට්ටම පෙන්නුම් කරන බවයි.
දත්ත වාර්තා පෙන්නුම් කරන පරිදි, පාකිස්තානයේ මිලියන 37.5ක පමණ ජනතාවකට ඔවුන්ගේ මූලික පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී ඇත.
මෙලෙස පවතින මන්දපෝෂණය, පෝෂක ඌනතාවය සහ ඒ ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු හේතුවෙන් වසරකට එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 3%ක් හෙවත් අමෙරිකානු ඩොලර් බිලියන 7.6 ක ආර්ථික අලාභයක් සිදුවෙන බවද පැවසෙයි.
රට තුළ විවිධ ප්‍රතිපත්තිමය පියවර සහ වැඩසටහන් තිබියදීත්, ජාතික සහ ජාත්‍යන්තර පෝෂණ ඉලක්ක සපුරා ගැනීම සඳහා සිදුවන ප්‍රගතිය ඉතා මන්දගාමී බවද පැවසෙයි.
මෙම තත්ත්වය තුළ පාකිස්තානය මුහුණ දෙන ප්‍රධාන අභියෝග තුනක් පෙන්වාදී තිබේ.
ධනවත් සහ දුප්පත් පන්ති අතර මෙන්ම නගර සහ ගම්බද ප්‍රදේශ අතර පවතින පෝෂණ මට්ටම්වල දැවැන්ත පරතරය, රජයේ වැඩසටහන් මගින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවීම සහ පෝෂණය අඩු ශ්‍රම බලකායක් නිසා රටේ සමස්ත නිෂ්පාදන ධාරිතාව පහත වැටීම ඒවා වෙයි.

