ගෝල් ග්ලෑන්ට්ස් LPL ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ
24 July 2026
ගෝල් ග්ලෑන්ට්ස් LPL ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ
24 July 2026
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ තවදුරටත් රැදී සිටීමට ගෝල් ග්ලෑන්ට්ස් කණ්ඩායම සමත්ව තිබේ.
ගෝල් ග්ලෑන්ට්ස් කණ්ඩායම තරග 4කට ක්‍රීඩා කර ඉන් 3ක් ජයගෙන රැස්කර ගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6කි.
එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටින්නේ කලම්බෝ කැප්ස් කණ්ඩායම ය.
කලම්බෝ කැප්ස් කණ්ඩායම තරග 4කට මුහුණදී ඉන් තරග 2ක් ජයගෙන රැස්කර ගෙන සිටින ප්‍රසාද ලකුණු 4කි.
දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබාගත්ත ද එම සටහනේ තුන්වැනි ස්ථානයේ රැදී සිටින්නේ දළ ලකුණු ලබාගැනීමේ වේගය -0.016ක් දක්වා අඩුවීම හේතුවෙනි.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමිනි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 3ක් ලබාගෙන සටහනේ අවසන් ස්ථානය දක්වා පසුබැස තිබේ.

