brand logo
logo
මධ්‍යම අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

14 March 2025

අද (14) අලුයම මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ලොරි රථයක් නාගලගමුව ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබුණි.


එහිදී මාර්ගයේ වම්පසින් නවතා තිබූ ලොරි රථය පරීක්ෂා කරන අවස්ථාවේ එම දිසාවටම ධාවනය වූ ෆීෂර් ලොරි රථයක් නවතා තිබූ ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව තිබුණි.


අනතුරින් ෆීෂර් ලොරි රථයේ ගමන් කළ රියදුරු සහ රිය සහායක තුවාල ලබා රෝහල්ගත කිරීමට මාර්ගයේ ගමන් කළ වෙනත් වාහනයක රියදුරුවරයෙකු සහායට පැමිණ තුවාල ලැබූ රෝගීන් රැගෙන යාමට සුදානමින් සිටියදී එම දිසාවටම ධාවනය වූ කන්ටේනර් රථයක් ෆීෂර් ලොරි රථයේ නැවත ගැටීමෙන් සහායට පැමිණි රියදුරු, ෆීෂර් ලොරි රථයේ රියදුරු,රිය සහයකයා හා කාර්මික දෝෂයට ලක් වූ ලොරි රථයේ රියදුරුද බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.


අනතුරින් වයස අවුරුදු 38ක් වු වඩුගොඩ, බූස්ස ප්‍රදේශයේ පදිංචි ෆීෂර් ලොරි රථයේ රිය සහයකයා මියගොස් ඇත.


මධ්‍යම අධිවේගී මාර්ග කුරුණෑගල අනුපාලක ස්ථානය මඟින් අනතුරට පත්වූ වාහන නාරම්ම පොලීසියට ඉදිරිපත් කර තිබේ.


වයස අවුරුදු 29ක් වූ සදලංගල ප්‍රදේශයේ පදිංචි කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

 

More News..