Best News Website award
brand logo
logo
ලොව විශාලතම කළු තේ නිෂ්පාදකයා ලෙස ඉන්දියාව තවදුරටත් පෙරමුණේ

ලොව විශාලතම කළු තේ නිෂ්පාදකයා ලෙස ඉන්දියාව තවදුරටත් පෙරමුණේ

28 November 2026


ලොව විශාලතම කළු තේ නිෂ්පාදකයා මෙන්ම ගෝලීය වශයෙන් තුන්වැනි විශාලතම තේ අපනයනකරු ලෙස ඉන්දියාව තවදුරටත් සිය ස්ථානය තහවුරු කරගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


2025-26 මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාව විසින් තේ කිලෝග්‍රෑම් මිලියන 282.11ක් අපනයනය කර ඇති අතර, එමඟින් උපයා ඇති සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 988.13කි.


ඉන්දීය තේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තේ පාර්ශ්වකරුවන්ගේ හමුවකදී ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් මහතා විසින් ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත.


තේ කර්මාන්තය යළි නඟා සිටුවීම, තේ වෙන්දේසි ක්‍රමවේදය වඩාත් වේගවත් හා ශක්තිමත් කිරීම, තේ පර්යේෂණ ශක්තිමත් කිරීම, ගුණාත්මකභාවය ඉහළ නැංවීම, අපනයන ප්‍රවර්ධනය, තේ කම්කරුවන්ගේ සුබසාධනය සහ අපනයන ප්‍රවර්ධන මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වැඩසටහන් ඇතුළු පුළුල් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.


තාක්ෂණය මත පදනම් වූ ප්‍රතිසංස්කරණ, ඉහළ විනිවිදභාවය, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ගනුදෙනුවලදී මතුවන දුෂ්කරතා අවම කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වී තිබේ.

 

More News..