අන්තර් මෝසම සමග රට පුරා හවසට හවසට වැසි
02 October 2026 | සාලිය කුමාර ගුණසේකර
අන්තර් මෝසම සමග රට පුරා හවසට හවසට වැසි
02 October 2026 | සාලිය කුමාර ගුණසේකර
ලබන සතිය වන විට දිවයින පුරා සවස් කාලයේදී වැසි ඇඳ හැලෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අජිත් විජේමාන්නගේ පැවැසීය.
මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි පවතින බවද ඔහු කීවේය.
අන්තර් මෝසම් තත්වය හේතුවෙන් මෙලෙස දිවයින පුරා වැසි ඇතිවන බවත්,පස්වරු 2.00 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන බවත් ඔහු කියා සිටියේය.
ඊයේ (01 වැනිදා) පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 ක කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කපුගොල්ලෑව ප්‍රදේශයෙනි.එම ප්‍රදේශයෙන් මිලි මීටර් 78 කට ආසන්න වර්ෂාපතන තත්වයක් වාර්තාවී තිබුණි.
විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ ලින් සැළකියයුතු වර්ෂාපතන තත්වයක් වාර්තා වී නොතිබූ අතර,වැඩිම වර්ෂාපතන තත්වය වාර්තා තිබුණේ ඉඟිනියාගල ප්‍රදේශයෙනි.එම ප්‍රදේශයෙන් මිලි මීටර් 17 ක වර්ෂාපතනයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්කරයි.
මේ අතර උතුර,උතුරු මැද,නැගෙනහිර යන පළාත්වලද,මොණරාගල,හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු“මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

