brand logo
logo
 හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

06 April 2026


පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ හෙට (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.


ඒ අනුව හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය සහ දියගම විශ්වවිද්‍යාලය යන ප්‍රදේශවල ජල සැපයුම කප්පාදු කෙරේ.


පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි

 

More News..