ආණ්ඩුවේ දූෂණ වංචා ගැන කියන්න පොහොට්ටුව අද සිට ගමින් ගමට
02 November 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
ආණ්ඩුවේ දූෂණ වංචා ගැන කියන්න පොහොට්ටුව අද සිට ගමින් ගමට
02 November 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් මාලාව අද (02 වැනිදා) ආරම්භ කරන බව එහි මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවැසීය.
එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙම රැස්වීම් සතියේ දින පහේම දිවයින පුරා පැවැත්වීමට නියමිත බවද ඔහු කීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් අතර පැවති රැස්වීමකදීය. මෙම රැස්වීම් මාලාව තුළ ආණ්ඩුව විසින් ජනතාවට දුන් බොරු පොරොන්දු පිළිබඳ මෙන්ම මෙම ආණ්ඩුව විසින් කරන ලද වංචා හා දූෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවැසීය.
විශේෂයෙන්ම කන්ටේනර් 323 පැන්නීම, ගල් අඟුරු වංචාව, මහ බැංකුවට හැකරුන් පැනීම, වැරැදි ගිණුම්වලට මුදල් යැවීම වැනි වංචාවන් පිළිබඳ ජනතාවට නැවත නැවතත් මතක් කරන ලෙසත් මෙහිදී සංවිධායකවරුන්ට උපදෙස් දී ඇත.
තවද මැතිවරණ වේදිකාවල ලබාදුන් පොරොන්දු විශේෂයෙන්ම සෞඛ්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ හා පාසල් උපකරණවල බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පිළිබඳ හා තවත් බොරු පොරොන්දු රාශියක් දී ඇති බවත්, මේවා පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහිදී ආසන සංවිධායකවරුන්ට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

