brand logo
logo
හැටන් ලංගම ඩිපෝවේ ප්‍රතිසංස්කරණය කරන ලද බුදුමැදුර විවෘත කෙරේ

හැටන් ලංගම ඩිපෝවේ ප්‍රතිසංස්කරණය කරන ලද බුදුමැදුර විවෘත කෙරේ

26 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්


හැටන් ලංගම ඩිපෝවේ බෞද්ධ සංගමය විසින් ප්‍රතිසංස්කරය කරන ලද බුදු මැදුර මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අද (26)දින විවෘත කෙරිණ.


ඊයේ(25) දින රාත්‍රියේ සිට අද දින පහන් වන තුරා එම බුදු මැදුරේ පිරිත් සජ්ඣායනයක් පවත්වා එම බුදු මැදුරේ තැම්පත් කල කොත් වහන්සේ නිරාවරණය කිරිමද සිදු කෙරිණ.


මෙම අවස්ථාවට නුවරඑළිය කලාපයේ ලංගම ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකර ජී.බි.දසනායක, හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ කළමණාකාර පාලිත වීරසූරිය, එම

ඩිපෝවේ බෞද්ධ සමිතියේ සාමාජිකයන් ඇතුලු එම ඩිපෝවේ සමාජික සමාජිකාවන්ද සහභාගි විය.

 

More News..