බියගම හා මීගහවත්ත පොලිස් ස්ථානාධිපති නිල නිවාස දෙක විවෘත කරයි
11 October 2026 | ඉසුරු අසංක සපුගස්කන්ද, තෙවිදු දිනයන දෙල්ගොඩ, එම්.ටී.එම්.හනෆි මල්වාන
බියගම හා මීගහවත්ත පොලිස් ස්ථානාධිපති නිල නිවාස දෙක විවෘත කරයි
11 October 2026 | ඉසුරු අසංක සපුගස්කන්ද, තෙවිදු දිනයන දෙල්ගොඩ, එම්.ටී.එම්.හනෆි මල්වාන
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව දුෂිතයින්ට හා හොරුන්ට දඩුවම් ලබා දීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන අදාළ ආයතනවලට ලබා දුන්නේ යැයි ද දැන් එය ක්‍රියාත්මක වි ඇතැයි ද මේවා කරන්නේ පළිගැනිමේ චේතනාවෙන් නොවේ යැයි ද අපට කිසිම කෙනෙකුගෙන් පළිගැනීමට අවශ්‍යතාවයක් නැතැයි ද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා පැවැසීය.
නියෝජ්‍ය ඇමැතිවරයා එසේ පැවසුවේ රජයේ ප්‍රතිපාදන වලින් රුපියල් ලක්ෂ 75 බැගින් වු මුදලක් වැය කොට බියගම පොලිස් ස්ථානයේ හා මීගහවත්ත පොලිස් ස්ථානයේ ඉදි කළ නව පොලිස් ස්ථානාධිපති නිල නිවාස දෙක විවෘත කිරීම නිමිත්තෙන් ඊයෙ (10) වැනිදා පස්වරුවේ බියගම පොලිස් ස්ථාන පරිශ්‍රයේ පැවැති උත්සවයකදීය.
මෙම නව නිල නිවාස දෙක විවෘත කිරීම නියෝජ්‍ය ඇමැතිවරයා අතින් සිදුවිය.
මෙහිදි නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.
''ලබන වසරේ සිට පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.ඒ වගේම රජයේ සේවකයින් අතර වැඩියෙන්ම ආපදාවට ලක්වන පිරිස පොලිස් නිලධාරීන් හෙයින් ඔවුනට අවදානම් දීමනාවක් ද ලබා දීමට පියවර ගන්නවා. ඒ විතරක් නෙමෙයි නව නිල ඇඳුමක් ලබා දීමට ද රජය පියවර ගන්නවා.
පොලිස් ස්ථානයක් කියන්නේ දවසේ පැය 24 ම විවෘත කර තිබෙන ස්ථානයක් වෙනවා.ඒ නිසා එහි පොලිස් ස්ථානාධිපතිවරුන්ට හොද නිවහනක් තිබිය යුතුයි.ඔහු පොලිස් බල ප්‍රදේශයේම සිටිය යුතුයි.එබැවින් පොලිස් ස්ථානවල යටිතල පහසුකම් ගැන සොයා බලමින් ඒවා සපුරාලීමට කටයුතු කරනවා.
අද රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා වසර දෙකකට පසුව එය අත්විඳීමට ජනතාවට ලැබි තිබෙනවා.හේතුව දේශපාලනයට අත නොතැබීමයි.රටට විශාල ප්‍රශ්නයක් වු මත්ද්‍රව්‍ය මර්දනයේදී වැඩි කාර්ය භාරයක් පොලිසියට පැවරෙනවා.එම අභියෝගය පොලිසිය භාර ගෙන කටයුතු කරනවා.ඒ අනුව අත් අඩංගුවට ගැනීමට බැහැ කියු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.විදේශ රටවල සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවු විශාල පිරිසක් ද ඒ අතර සිටිනවා.
නීතියේ තිබු අඩුපාඩුකම් මගහරවා නීතිය පොලිසියට හදලා දීලා තිබෙනවා ඒ අනුව කෙටි කලක් ඇතුලත පොලිසිය ශක්තිමත් කරන්නට හැකිවුනා.පොලිසිය ශක්තිමත් වනවිට පරීක්ෂණ ස්වාධීන වෙනවා අධිකරණය ස්වාධීන වෙනවා. නීතීපති දෙපාර්තමේන්තුව ස්වාධීන වෙනවා.අල්ලස් කොමිසම ස්වාධීන වෙනවා.අල්ලස් කොමිසමට අවශ්‍ය වන නීතීමය බලය දුන්නා.එම ආයතන ශක්තිමත් කළා. විමර්ශන නිලධාරින්ට අවශ්‍ය සහාය ලබා දුන්නා.
අපට ජන්දය ලබා දෙනවිට දුෂිතයින්ට හා හොරුන්ට දඩුවම් ලබා දෙයි කියලා ජනතාව තුල දැඩි විශ්වාසයක් තිබුණා.ඒ නිසා මේ රජය බලයට පත්වුනාට පසුව ඔවුන්ට දඩුවම් දීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන අදාළ ආයතනවලට ලබා දුන්නා.දැන් එය ක්‍රියාත්මක වි තිබෙනවා.මේවා කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් නෙමෙයි. අපි කාගෙන්වත් පළිගන්නේ නැහැ.සමහරු අහනවා ඇයි එක පවුලේ කීප දෙනෙක්ම අහුවෙන්නේ කියලා.ඉතින් හොරා කෑවම අහුවෙනවා අද ජනාධිපතිටත් හිටපු ජනාධිපතිවරුන්ටත් වගේම සැම දෙනාටම නීතිය එක සමානයි.
ඉතිහාසය පුරාවට ඇතැම් දේශපාලකයින් ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් රට තුල අසමගිය ඇති කළා. ඒ තුලින් ඔවුන් රටේ බලය ලබා ගත්තා.දැන් බලය අහිමිවු ඔවුන් නැවත රට තුල අසමගිය පතුරලා රටේ බලය ලබා ගැනීමට උත්සාහ කරනවා නමුත් මින් ඉදිරියට රටේ ජාතිවාදයට හා ආගම්වාදයට හිස ඔසවන්නට ඉඩක් නැහැ.මේ වනවිට රටේ පැවතුන අපරාධ රැල්ල යම්කිසි ප්‍රමාණයකින් අඩු වි තිබෙනවා.''
පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා කතා කරමින් මෙසේ කීය
''අද දේශපාලන බලපෑම් වලින් තොරව රාජකාරි කටයුතු කිරීමට අවශ්‍ය වන වාතාවරණය පොලිසියට ලැබි තිබෙනවා.එම බලය අනිසි ලෙස පාවිච්චි නොකොට අවංකව රාජකාරි කටයුතු කිරීමට පොලිස් නිලධාරීන් ඇපකැප වන්නට ඕනැ.දිවයින පුරා පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපති නිල නිවාස 175 ක අවශ්‍යතාවයක් තිබුණා.නමුත් මේ වනවිට එම නිවාස 150 ක් ඉදි කිරීමට හැකි වි තිබෙනවා සෙසු ඒවා ප්‍රමාද වි තිබෙන්නේ එම භුමිවල අයිතිය පොලිසිය සතුව නැති නිසයි.''
පැමිණ පිරිස පිළිගැනීම කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක විසින් සිදු කළ අතර ස්තූතිය පුද කිරීම බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණ විතාන විසින් සිදු කෙළේය.

