brand logo
logo
නිකපොත මහා විද්‍යාල පරිශ්‍රය නායයාමේ අවදානමක්-වහා පියවර ගන්නැයි ඉල්ලීම්

නිකපොත මහා විද්‍යාල පරිශ්‍රය නායයාමේ අවදානමක්-වහා පියවර ගන්නැයි ඉල්ලීම්

27 October 2026 | පාලිත ආරියවංශ-බදුල්ල


කොළඹ - මඩකළපුව A 4 ප්‍රධාන මාර්ගය අද්දර පිහිටි හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් නිකපොත මහා විද්‍යාල පරිශ්‍රය නාය අවධානමකට ලක්ව ඇතැයි දෙමාපියෝ පවසති.


මෙම විදුහලේ පස් කන්ඩියක් පසුගියදා නාය ගිය අතර පාසැල් සිසුන් හා ගම්වැසියන් බස් රථ බලාපොරොත්තුවෙන් සිටි මගී ආවරණය ද විනාශ කරමින් කඩා හැළුන අතර තවමත් එය තත්වයේම පවතී.


එම අවස්ථාවේ සිසුන් හෝ ගම්වැසියන් එම මගී ආවරණය තුළ නොසිටි බවත් වාහන විශාල ප්‍රමාණයක් දෛනිකව ධාවන‍ය වන නුමත් එම අවස්ථාවේ වාහන ධාවනය නොවූ බවත් ගම්වැසියෝ පවසති.


මේ පිළිබදව අදාල අංශ අවධානම යොමුකරවූ බව ආපදා කලමණාකරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර පැවසීය .


කන්ඩිය තවමත් කඩාවැටෙමන් පවතීන අතර පවතින වැසි අධික කාලගුණය සමග මෙය විශාල නාය යාමක් දක්වා ව්‍යාප්ත වූවහොත් පාසැල් සිසුන්ගේ ජීවිතවලට අනතුරක් සිදුවිය හැකි බැවින් වහාම අවශ්‍ය පියවරගන්නා ලෙස දෙමාපියෝ වගකිවයුතු අංශ වලින් ඉල්ලා සිටිති.  

 

More News..