Best News Website award
brand logo
logo
නොවැම්බර් මුල් දින 22 තුළ සංචාරකයින් 156,627ක් ශ්‍රී ලංකාවට

නොවැම්බර් මුල් දින 22 තුළ සංචාරකයින් 156,627ක් ශ්‍රී ලංකාවට

24 November 2026

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, නොවැම්බර් මාසයේ පළමු දින 22 තුළ විදෙස් සංචාරකයින් 156,627 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.


මෙම කාලය තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එය 47,338කි. එම අගය සමස්ත සංචාරක පැමිණීම්වලින් 30%කට ආසන්න ප්‍රතිශතයක් ලෙස සටහන් වේ.


සංචාරකයින් 14,744 දෙනෙකු පැමිණි රුසියාව දෙවන ස්ථානයට පත්ව ඇත.


ඊට අමතරව එම කාලසීමාව තුළ එක්සත් රාජධානියෙන් 10,628 දෙනෙකු, ජර්මනියෙන් 9,504 දෙනෙකු සහ චීනයෙන් 8,640 දෙනෙකු ලෙස විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.


මේ අනුව, 2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,018,931ක් දක්වා ඉහළ ගොස් ඇත.

2026 ජනවාරි මාසයේ සිට නොවැම්බර් 22 වැනිදා දක්වා වූ කාලය සැලකීමේදී ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට බවට ඉන්දියාව පත්ව ඇති අතර, එරටින් පැමිණි සංඛ්‍යාව 546,963කි.


එම කාලය තුළ සංචාරකයින් 183,757 දෙනෙකු පැමිණි එක්සත් රාජධානිය දෙවන ස්ථානයට පත්ව තිබේ.

චීනයෙන් සංචාරකයින් 132,380 දෙනෙකු සහ ජර්මනියෙන් 114,809 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, සංචාරකයින් 104,485 දෙනෙකු පැමිණි රුසියාව පස්වන ස්ථානයේ පසුවෙයි.

 

More News..