පෞද්ගලික තොරතුරු අවභාවිත කළොත් කෝටිය දක්වා දඩ
28 November 2026 | ජයසූරිය උඩුකුඹුර
පෞද්ගලික තොරතුරු අවභාවිත කළොත් කෝටිය දක්වා දඩ
28 November 2026 | ජයසූරිය උඩුකුඹුර
පෞද්ගලික තොරතුරු අවභාවිත කරන්නන්ට රුපියල් ලක්ෂ සියයක් දක්වා දඩ නියම කරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ පළමු හා තුන්වන කොටස් ලබන ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
මීට අදාළ ගැසට් නිවේදනය ඉකුත් ජූලි 22 වැනිදා ප්‍රකාශයට පත්කර ඇත. මේ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙරට පුරවැසියන්ගෙන් හා මෙරටට පැමිණෙන විදේශිකයන්ගෙන් ගන්නා පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට නීතියෙන් බැඳෙනු ඇත. මෙම නව පනත අනුව කටයුතු කිරීමට රාජ්‍ය අංශය සූදානම් කිරීම සඳහා 2026 ජූලි මාසයේ චක්‍රලේඛයක් මගින් උපදෙස් දී ඇතැයි දත්ත ආරක්ෂණ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් දිමුත් භාෂිත අතපත්තු කීවේය. පුරවැසියන්ගේ උප්පැන්න, හැඳුනුම්පත්, ඉඩම් ඔප්පු, වෛද්‍ය වර්තා සහ බදු තොරතුරු ඇතුළු අතිශය සංවේදී දත්ත රාජ්‍ය ආයතන සතුව පවතින බැවින් 2027 ජනවාරි 01 වැනිදාට පෙර ඒවා සුරක්ෂිත කිරීමේ ක්‍රමවේද සකස් කරන ලෙස එමගින් උපදෙස් දී ඇති බවද ඔහු පෙන්වා දෙන්නේය.
‘‘ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ මෙවැනි පනතක් සම්මත කරලා ජනතාවගේ පෞද්ගලිත්වය ආරක්ෂාකරන්න කටයුතු කිරීම පිළිබඳව. මොකද මේ පනත මගින් පුද්ගලයන්ගේ නම, ලිපිනය, දුරකථන අංක, හැඳුනුම්පත් අංක වගේම ඇඟිලි සලකුණු, ශරීර වර්ණ හා ශරීර ස්වභාව කියන මේ හැම දෙයක්ම ආරක්ෂා වෙනවා. රාජ්‍ය ආයතන වගේම පෞද්ගලික ආයතනත් පුද්ගලයන්ගෙන් ගන්නා පෞද්ගලික දත්ත ආරක්ෂා කරන්න මේ පනත යටතේ බැඳී ඉන්නවා යැයිද අතපත්තු කීවේය.


