රුමේෂ් තරංගට ගුවන් හමුදාවෙන් උසස්වීමක්
05 August 2026
රුමේෂ් තරංගට ගුවන් හමුදාවෙන් උසස්වීමක්
05 August 2026
පසුගියදා නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක ශූරයන් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් අත්කරදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් රුමේෂ් තරංග සමත් විය.
ඒ, අද (05) ගුවන් හමුදා මුලස්ථානයේදී ය.
මාතෘ භූමියට විශාල අභිමානයක් එක්කළ ඔහුගේ මෙම අසමසම දක්ෂතාව මෙන්ම මීට පෙර ලබා ඇති ජයග්‍රහණයන් ද අගයමින්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ඔහුව කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත.
මෙයට අමතරව, රොමේෂ් තරංග ක්‍රීඩකයා වෙත විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ද ගුවන් හමුදාපතිවරයා කටයුතු කර ඇති අතර, මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටි ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න මහතාගේ හා භෞතික විකිත්ස කෝප්‍රල් වන්දිම ගුරුසිංහගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔහු වෙත ද මුදල් ත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි.

