brand logo
logo
අ.පො.ස. උසස් පෙළ දරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අ.පො.ස. උසස් පෙළ දරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

17 February 2025

2024 උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.


ඒ අනුව අනිද්දා (19) සිට මාර්තු මස 29 වනදා දක්වා දිවයින පුරා ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථාන 41කදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ අපේක්ෂකයාගේ ප්‍රවේශ පත්‍රයේ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව ඇති බවය.


එසේම ඊට අදාළ දිනය හා ස්ථානය කිසිදු හේතුවක් මත වෙනස් නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.


අදාළ දිනය හා ස්ථානය සදහන්ව ඇති අතර කිසිදු හේතුවක් මත මෙවෙනස් කරනු නොකර බව නිවේදනය කරයි.


අපේක්ෂයින් ප්‍රවේශ පත්‍රයේ සඳහන් කර ඇති දිනයේ නියමිත වේලාවට පැය භාගයකට පෙර එහි පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.


ඊට අදාළ වැඩිදුර තොරතුරු පහතින්.


 

More News..