අනීතිකව විදේශවලට මුදල් යැවූ තවත් සමාගම් 17ක් ගැන පුළුල් විමර්ශන
03 October 2026
අනීතිකව විදේශවලට මුදල් යැවූ තවත් සමාගම් 17ක් ගැන පුළුල් විමර්ශන
03 October 2026
භාණ්ඩ ආනයනය කරන බව පවසා නීතිවිරෝධී අන්දමින් විදේශවලට මුදල් ප්‍රේෂණ කළ තවත් සමාගම් 17ක් පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.
බොහෝ දුරට එක් අයෙකු හෝ දෙදෙනෙකු එම සමාගම් 17ම පවත්වාගෙන යන්නේයැයි විශ්වාස කරන බව එම කොට්ඨාසය සඳහන් කළේය.
විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසා නීතිවිරෝධී අන්දමින් විදෙස් රටවලට ආයතන රැසක් මුදල් ප්‍රේෂණය කරන බවට රේගුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පසුගියදා පැමිණිල්ලක් කර තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී හෙළිවූ තොරතුරු මත එවැනි නීති විරෝධී කටයුතු කළ සමාගම 72ක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
එවන් පසුබිමක තවත් එැවනිම තවත් සමාගම් 17ක් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.
එම සමාගම් බොහෝ දුරට එක් අයෙකු හෝ දෙදෙනෙකු විසින් පවත්වාගෙන යන ඒවා බවට විශ්වාස කරන බවයි එම කොට්ඨාසය පැවසීය.
එම පුද්ගලයන් මේවන විට හඳුනාගෙන ඇති අතර ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද එම කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.
2023.01.01 සිට 2025.09.30 දක්වා කාලය තුළදී අදාළ සමාගම් 17 සහ මේවන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති සමාගම් 72 මෙරටින් රුපියල් කෝටි 19,000ක මුදලක් විදෙස් රටවලට යවා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
ඉන් රුපියල් කෝටි 13,000ක මුදලක් යවා ඇත්තේ, මේවන විට නීතිමය පියවරගෙන ඇති සමාගම් 72 විසිනි.
මොවුන් මේ සඳහා කොළඹ නගරයේ පිහිටි පෞද්ගලික හා රාජ්‍ය බැංකු 6ක් උපයෝගී කරගෙන ඇත.
මෙහි විශේෂත්වය වන්නේ මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් විසින් මුදල් යැවූ රටවල් අතරට Red Flag Countries හෙවත් අවදානම් සහගත රටවල් කිහිපයකට මොවුන් විසින් මුදල් යවා තිබීමය.
බ්‍රසීලය, පැනමාව, මුරුසු හා මැඩගස්කරය එම රටවල් වේ.
මෙම රටවල් මුදල් විශුද්ධීකරණය යටතේ අවදානම් සහගත රටවල් ලෙස නම් කර තිබේ.
එම රටවලින් කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකරන බවයි විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළහ.
ඒ අනුව බොහෝ දුරට මෙම මුදල් නීති විරෝධීව උපයාගත් බවට සැකකරන බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
මෙම විමර්ශන දිගින් දිගටම සිදුකිරීම හේතුවෙන් මේවන විට ටීටී ක්‍රමය හරහා විදෙස් රටවලට මුදල් යවන පිරිස සියයට 90කින් පමණ අඩුවී ඇති බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

