brand logo
logo
කටුනායක ගුවන් තොටුපොළේ ගමන් මලු පථයක රු. කෝටි 32ක් වටිනා කුෂ්

කටුනායක ගුවන් තොටුපොළේ ගමන් මලු පථයක රු. කෝටි 32ක් වටිනා කුෂ්

15 September 2026


කටුනායක ගුවන් තොටුපොළේ ගමන් මලු පථ අංක 06 අසළ අතහැර දමා තිබූ රුපියල් කෝටි තිස් දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.


ගමන් මලු දෙකක් තුළ සුළං නොවදින ලෙස පැකට් 60ක අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය, ඊයේ (14) තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-405 දරන ගුවන් යානයෙන් පැමිණි මගියකු විසින් රැගෙන විත් ඇති බව සඳහන් වේ.


ගුවන් තොටුපොළ තුළදී අත්අඩංගුවට පත්වීමට ඇති බිය නිසා අදාළ මගියා මෙම මත්ද්‍රව්‍ය තොගය අතහැර දමා පළා යන්නට ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සැක කරයි.


අදාළ ගමන් මලු රැගෙන ආ ගුවන් මගියා කවුරුන්දැයි අනාවරණය කරගැනීම සඳහා මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.


අත්අඩංගුවට ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගය අද (15) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

More News..