brand logo
logo
මධ්‍යම කඳුකරයේ අයහපත් කාලගුණය තරමක් පහව යයි

මධ්‍යම කඳුකරයේ අයහපත් කාලගුණය තරමක් පහව යයි

21 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැවති අයහපත් කාලගුණ තත්වය අද (21) දින අලුයම වන විට තරමක් පහව ගොස් ඇත.


පැවති වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ විවෘත කර තිබූ වාන් දොරටු දෙකෙන් එක් වාන් දොරටුවක් ස්වයංක්‍රීයව වැසුණු බවත්, එක් වාන් දොරටුවක් පමණක් තව දුරටත් විවෘතව පවතින බව එම ජලාශ වේල්ල භාර ඉංජිනේරුවන් පවසයි. ‍‍‍

 

මේ අතර, පවතින වර්ෂාවත් සමග සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇළවලද පහළට කඩා වැටෙන ජලධාරිතාවය ඉහළ ගොස් ඇත.


 

More News..