brand logo
ර⁣ටින් එන බිත්තර මෙරට බේකරි එපා කියයි?

ර⁣ටින් එන බිත්තර මෙරට බේකරි එපා කියයි?

27 February 2023

ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර කල් ඉකුත්වන දිනයක් පිළිබඳ නොදන්නා නිසාත්, එහි සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳ නොදන්නා නිසාත් බොහෝ බේකරි හිමියන් විදේශ රටවලින් ගෙන්වන බිත්තර මිලදී නොගැනීමට තීරණය කර ඇතැයි දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.


දේශීය වශයෙන් බිත්තර තොග ලබාගැනීමේදී තොග සැපයුම්කරුවන් හරහා කිකිළි බිත්තර දමා තිබෙන දිනය වකවානු පිළිබඳ තහවුරුවක් ලබා ගැනීමට හැකි බවත්,මේ අනුව බිත්තරයක් භාවිතකළ හැකි දින ගණන බේකරි හිමියන් දන්නා බවත් එම සංගමයේ සභාපති කමල් පෙරේරා සඳහන් කළේය.


ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්‍රමිතියෙන් තොරවුවහොත් දැනට ක්‍රියාත්මක වන බේකරි ටික පවා වසා දැමීමට සිදුවන බවත්, මේ නිසා දේශීය බිත්තර කර්මාන්තය වැඩිදියුණු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය හා දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය ඉල්ලා සිටියි. 

 

More News..