බීමත්ව ලංගම බස් රථයක් ධාවනය කළ රියදුරුගේ බලපත්රය ජීවිතාන්තය දක්වා අවලංගු කරයි
19 November 2026
බීමත්ව ලංගම බස් රථයක් ධාවනය කළ රියදුරුගේ බලපත්රය ජීවිතාන්තය දක්වා අවලංගු කරයි
19 November 2026
බීමත්ව ලංගම බස් රථයක් ධාවනය කළ රියදුරෙකුගේ රියදුරු බලපත්රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට අලුත්කඩේ අංක 07 අධිකරණය නියෝග කර තිබේ.
අද (19) උදෑසන මරදාන පොලිස් වසමේ සංඝරාජ මාවතේදී මෙම රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ සිට කුරුණෑගල දක්වා මාර්ග අංක 05 ඔස්සේ ධාවනය වූ ලංගම බස් රථයක් පරීක්ෂා කිරීම සඳහා මරදාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සංඥා කර ඇති අතර, එම අණ නොතකා බස් රථය ධාවනය කිරීම හේතුවෙන් නිලධාරීන් එය ලුහුබැඳ ගොස් නවත්වා පරීක්ෂා කර තිබේ.
එහිදී බස් රථයේ රියැදුරු බීමත්ව සිටින බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව සිදුකළ පරීක්ෂණයෙන් ද ඔහු බීමත්ව සිටි බව තහවුරු වී ඇත.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ 58 හැවිරිදි නාරම්මල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුට රුපියල් 35,000ක දඩයක් නියම කර තිබේ.
එමෙන්ම, ඔහුගේ රියැදුරු බලපත්රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.


