කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට
24 September 2026
කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට
24 September 2026
රුපියල් මිලියන 38කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව,අද (24) යාපනය ගුරුනගර් කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කේරල ගංජා කිලෝ ග්‍රෑම් 192කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවෙකු මෙලෙම නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රි ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය වෙත ලද විශ්වාසනීය තොරතුරකට අනුව, යාපනය ගුරුනගර් කලපු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි, එම කලපු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කෙරිණි.
එහිදී එම යාත්‍රාව තුල උර හතක, පාර්සල් 88ක අසුරා තිබූ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 192කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ප්‍රදේශයේ සිදුකල වැඩිදුර සෝදිසි මෙහෙයුමකදී එක් සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගත් විදේශීය කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 38කට අධික වෙතැයි විශ්වාස කෙරෙණ අතර, එම කේරල ගංජා තොගය, සැකකරු සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කොට්ඨාෂ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

