brand logo
logo
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්වේ

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්වේ

31 October 2026


2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යයේ ශාන්ත ජෝන්ස් නගරය බලා පිටත්ව ගියාය.


අද (31) සිට නොවැම්බර් 06 දක්වා සිදු කෙරෙන මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡාවල නිරත වීමටත්, පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට පොදුවේ වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡාවලට සහභාගි වීමටත් නියමිතය.

 

More News..