පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්
30 November 2024
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්
30 November 2024
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද (30) සමත් විය.
මෙම ජයත් සමග දකුණු අප්‍රිකාව තරග දෙකකින් සමන්විත තරගාවලිය එකට බින්දුවක් ලෙස පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව තිබේ.
අද දිනය ආරම්භ කරන විට ලකුණු 516ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 103ක් ලබා ගත්තේය.
අද දිනයේදී බිඳවැටුණු ශ්‍රී ලංකා දෙවන ඉනිමට ජවයක් එක් කිරීමට දිනේෂ් චන්දිමාල් සහ නායක ධනංජය ද සිල්වා සමත් විය.
ඒ 6වන කඩුල්ලට ලකුණු 95ක සබඳතාවක් ගොඩනගමිනි.
දිනේෂ් චන්දිමාල් අද වාර්තා කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 30 වැනි අර්ධ ශතකයයි.
නායක ධනංජය ද සිල්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 18 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ද සමත් විය.
චන්දිමාල්ගේ සහ ධනංජයගේ සබඳතාව බිඳ වැටුණේ දිනයේ පළමු කඩුල්ල ලෙස නායක ධංජය ද සිල්වා ලකුණු 59කට දැවී යාමත් සමගය.