brand logo
logo
 කොළඹ ජාතික රෝහලේ සිටි ශිරන්ති පෞද්ගලික රෝහලකට මාරු කරයි

කොළඹ ජාතික රෝහලේ සිටි ශිරන්ති පෞද්ගලික රෝහලකට මාරු කරයි

18 October 2026



ඇප මත මුදා හැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත මාරු කර යවා තිබේ.


රෝහල් ආරංචි මාර්ග තහවුරු කළ පරිදි, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇත.


ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට පෙර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද අතර, එම අවස්ථාවේදී හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.


ජාතික රෝහලේ තාවකාලික ප්‍රතිකාර ලබමින් සිටි ඇය, පසුව මෙලෙස පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහල වෙත වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා මාරු කර යවා ඇති බව වාර්තා වේ.

 

 

More News..