brand logo
logo
මුහුදු රළ උස ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු රළ උස ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

13 September 2026


මුහුදු රළ උස ඉහළයාම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.


හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය වලංගු වෙයි.


ඒ අනුව, හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 - 3.0ක් පමණ ඉහළයාමේ හැකියාවක් පවතී.


මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ප්‍රජාව, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.


අද (13) පස්වරු 12ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට දිනය දක්වා වලංගු වෙයි.

 

More News..