brand logo
logo
ස්වයං මාර්ගයෙන් විදෙස් රැකියාවට යන්නන්ට නව නීතියක්

ස්වයං මාර්ගයෙන් විදෙස් රැකියාවට යන්නන්ට නව නීතියක්

22 June 2025

ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී සිදුකෙරෙන ක්‍රමවේදයේ නව සංශෝධනයක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. 


මෙහිදී ස්වයං මාර්ගයෙන් විදේශ රැකියාවක් සඳහා යොමුවීමට බලාපොරොත්තු වන පුද්ගලයා කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර, එම ශ්‍රමිකයා ගෙන්වාගැනීමට බලාපොරොත්තු වන විදේශ රටෙහි සිටින සේවා යෝජකයා විසින් එම රටෙහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීම මගින් රැකියා ගිවිසුම සහතික කරගැනීම අනිවාර්ය බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දැනුම් දී තිබේ.


එමෙන්ම, මේ සඳහා ඩොලර් 60ක මුදලක් අයකෙරෙන බවද කාර්යාංශ පවසයි.

පළමු අදියරේදී මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු අංශ ක්‍රියාත්මක වන රටවල් 13ක තානාපති සේවා සැපයෙන අංශ 15ක් සඳහා පමණක් වන බව ද එම නීතිය 2025 ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වන බව ද කෝශල වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

 

තවද මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ වෘත්තීය කාණ්ඩයේ නොවන රැකියාවන් සඳහා වන අතර, වෘත්තීය රැකියාවන්ට අයත් වන්නේ කුමන රැකියා කාණ්ඩද යන වග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙහි (www.slbfe.lk) ලැයිස්තුගත කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

නමුත් අදාළ රටේ තානාපති කාර්යාලය මගින් සේවා ගිවිසුම සහතික කරගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වීම සඳහා, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී තම වෘත්තීයභාවය සනාථ කිරීමට අවශ්‍ය ලියවිලි ඉදිරිපත්


 

More News..